Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Wednesday, October 26, 2011

තත්‍ය කාල පද්ධති (Real Time Systems)


            තත්‍ය කාල පද්ධතියක් කියල කියන්න පුලුවන් වෙන්නෙ පරිසරයෙන් දත්ත ලබාගැනීම් කරන ඒ වගේම සකස්කරන ප්‍රතිඵල ප්‍රමාණවත්ව හා වේගවත්ව නැවතත් ඒ අවස්ථාවෙදීම වගේ ලබාදෙන පද්ධතියකට.

මාර්ගගත පද්ධති (On – line Systems) ගැන.....................


               මාර්ගගත පද්ධතියක් කියන්නෙ අපි කවුරැත් හොඳටම දන්න දෙයක්. මාර්ගගත පද්ධතියක් ඒ සදහා යොමුකරන දානයන් සෘජුවම ලබාගන්නවා. ඊට පස්සෙ හි සකස්වන තොරතුරැ ප්‍රතිදානයක් විදිහට ඒ අවශ්‍ය කරන තැනැත්තාට සෘජුවම ලබාදෙනවා. ඔන්න ඔච්චරයි................

කාණ්ඩ සැකසුම් පද්ධති (Batch Processing Systems) ගැන කතාකරමු


කාණ්ඩ සැකසුම් පද්ධතියකට අයත්වෙන්නෙ මෙන්න මේ වගෙ පද්ධතියක්. ඒ කියන්නෙ පද්ධතියක් තුළ තියෙන තොරතුරැ තැන්පත්වෙන පිළිවෙලක් තියෙනවනෙ. ඉතින් ඒ පිළිවෙලට කොටස් නැත්නම් කාණ්ඩ විදිහට දත්ත සමුදායක් තුළින් අරගෙන ඒවා සකස්කිරීම, යාවත්කාලීන කිරීම වගේම තව වාර්තා කිරීමත් සිදුකරන පද්ධති තමයි මෙන්න මේ වගෙ පද්ධතියක් (කාණ්ඩ සැකසුම් පද්ධතියක්) කියලා කියන්නෙ.

මොකක්ද අප්පේ මේ දැනුම් පාදක පද්ධතියක් (Knowledge based System) කියල කියන්නේ.................


              කෘතිම බුද්ධිමය ක්ෂේත්‍රයෙ යෙදෙන මේ පරිගණක විද්‍යාඥයන්ගෙ ඉලක්කය තමයි, පුලුල් පරාසයක පැතිරිලා තියෙන විවිධාකාර බුද්ධිමය මානව ක්‍රියාකාරකම් අනුගමනය කිරීම ස‍හා වැඩසටහන් හදන ක. සමහර විශේෂඥ පද්ධති (Expert Systems) තියෙනවා. ඒවට ඉලක්ක කරගෙන තියෙන්නෙත් ඔන්න ඔය කළින් කියපු සංකල්පයම තමයි.  ඉතින් ඔන්න ඔය වගෙ පද්ධතියකට තමයි දැනුම් පාදක පද්ධතියක් කියල කියන්නෙ.

Sunday, October 23, 2011

කළමණාකරණ සහාය පද්ධති යටතේ -: (Management Support Systems - MSS)


 
කළමණාකරණ සහාය පද්ධති යටතේ -:
(
Management Support Systems - MSS)

1.කළමණාකරණ තොරතුරැ පද්ධති
  
(Management Information Systems - MIS)
2. තීරණ සහාය පද්ධති (Decision Support Systems - DSS)
3. විධායක සහාය පද්ධති
(Executive Support Systems - ESS)




කළමණාකරණ තොරතුරැ පද්ධති 
(Management Information Systems MIS

            කළමණාකරණ තොරතුරැ පද්ධතියක් මගින් තමයි ආයතනයකට ඕන කරන දත්ත (උදාහරණ විදිහට ගත්තොත් සේවක වැටුප්, වියදම්, ආදායම් සහ විකුණුම් යනාදියයි.) දත්ත සමුදායක එහෙම නැත්නම් Database 1 තැන්පත් කරන්නෙ. ඉතින් මේ විදිහට දත්ත සකස්කරලා කළමණාකරණ කටයුතුවලට අවශ්‍ය තොරතුරැ ප්‍රතිදානය කරගන්නවා. මේ විදිහට ලබාගන්න තොරතුරැ ආයතනයක කළමණාකරැවෙකුට තමන්ගෙ ආයතනයෙ ප්‍රගතිය, ඒ වගේම පසුබෑම් වගේ දේවල් ගැන දැනුම ලබාගැනීමට ගොඩක් වැදගත් වෙනවා. මේවා තොරතුරැ මතනෙ පදනම් වෙලා තියෙන්නෙ. ඒ නිසා අවශ්‍ය තීරණ ගන්නත් පුලුවන් වෙනවා. මේ වගේ කළමණාකරණ තෙරතුරැවලට ආයතනයෙ වාර්ෂික වෙළදාම් රටාව, වියදම් සහ ආදායම් විස්තර, නව සේවක වැටුප් වැඩිවීමෙ රටාව වගේ දේවල් සලකන්න පුලුවන්.

තීරණ සහායක පද්ධති

මේ තීරණ සහායක පද්ධතිය ඔවුන්ගෙම තීරණ ලබාදීමක් සිදුකරන්නෙ නෑ. ඒ වෙනුවට කරන්නෙ ආයතනයක කළමණාකරැවෙකුට බුද්ධිමය තීරණ ගන්න ඒ අවශ්‍ය උදව් උපකාර ලබාදෙන එකයි. ඒ වගේම තමයි, ඒ විදිහට උදවු උපකාර කරන්නෙත් හැම තිස්සෙම තීරණ වෙනස් කරන්න නෙවෙයි. උචිත අවස්ථාවෙදි හරියට තීරණ ගන්න.

පද්ධති කළමණාකරණ මට්ටම් ත්‍රිකෝණය


Saturday, October 1, 2011

මොනවද මේ ස්වයංක්‍රීය පද්ධති???



         ස්වයංක්‍රීය පද්ධති (Automated Systems) කියලා කියන්නෙ මිනිසා විසින් ගොඩනගපු, ඒ වගෙම පරිගණකයක් හරි පරිගණක කිහිපයක් හරි මගින් පාලනය වන අන්තර් සම්බන්ධතාවයක් තිබෙන පද්ධති කොටසක්. 1කට 1ක් වෙනස් ස්වයංක්‍රීය පද්ධති ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම 1කටම වගෙ පොදු සංරචකත් තියෙනවා.

මේ කියන ස්වයංක්‍රීය පද්ධති විවිධ අයුරින් වර්ග කරන්න පුලුවන්.

   මේ ස්වයංක්‍රීය කළ පද්ධති ප්‍රධාන වශයෙන්  කොටස් 2කට බෙදන්න පුලුවන්.

1. කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ පද්ධති (Office Automation    Systems – OAS)
2. ගණුදෙනු සැකසුම් පද්ධති (Transaction Processing Systems – TPS)

කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ පද්ධති
  
 මෙයින් සිදුවන්නෙ අංකිත කාරයට නිර්මාණය කරගත්, ක්රැස් කරගත්, සමාලෝචනය කළ සහ ගබඩාකරගනු ලැබූ යතනික දත්තයන් කිසියම් මූලික කාර්යයක් සහා හෝ යම්කිසි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට උපයෝගී කරගැනීමයි.

පැරණි යතන පද්ධතීන් ගත්තහම ඒවායෙහි ප්‍රධානම කාර්යභාරය ඉටුකරනු ලබලා තියෙන්නෙ යතුරැ ලියනය, රෝනියෝ යන්ත්‍රය සහ ඡායා පිටපත් යන්ත්‍රය වැනි දේවල්. නමුත් අද වෙන කොට කාර්යාල පද්ධති වල තනිකරම වගෙ භාවිතා කරන්නෙ පහසු මෘදුකාංග (Word processing), විද්‍යුත් තැපෑල (E-mail) සහ ස්වර තැපෑල (Voice mail) දී දේය. ඉතින් මෙවැනි දේ භාවිතය නිසා පද්ධතියක අඩංගු තොරතුරැ අංකිත කාරයට පරිවර්තනය කරල සන්නිවේදනනය කරන්න පුලුවන් කාරයට මේ වෙන කොට වැඩි දියුණු කරලයි තියෙන්නෙ.

ගණුදෙනු සැකසුම් පද්ධති

අපි තොරතුරැ තාක්ෂණයෙදී ගණුදෙනුවක් විදිහට සලකන්නෙ, දත්ත සමුදායක් වැනි තොරතුරැ පද්ධතියක් සමග භාහිරව හරි අභ්‍යන්තරව හරි සිදුවන සන්නිවේදනයකදී අනුක්‍රමික වශයෙන් හුවමාරැවන වැඩ ඒකකයන්.
උද්‍ර - බැංකු කටයුතු

            මේ විදියට ගණුදෙනු සැකසීමක් සිදුකරනු ලබන්නෙ පරිගණක පද්ධතියට අදාළ පරිගණක දත්ත ගබඩාවක් හෝ  ගොනු ගබඩාවක් ශ්‍රයෙන්ය. ඒ වගෙම තමයි ගණුදෙනු සකස්කිරීම් පද්ධතීන් සුවිශේෂි ක්‍රියාකාරකම් වලින් සන්නද්ධ කරල තමයි ගොඩනගල තියෙන්නෙ. 

1. පරමාණුකතාව (Atomicity) - මෙහිදී ගණුදෙනු සකස් කිරීමකදී ය සම්පූර්ණයෙන් සිදුවීම හෝ සිදු නොවීමට වග බලාගනී.
2.සංස්ථිතික (Consistency) - මෙමගින් ගණුදෙනුවෙ නිවැරදිභාවය තහවුරැ විය යුතුය.
3. හුදකලාබව (Isolation) - මෙහිදී ගණුදෙනු 2ක් කපාර සිදුනොවෙන්න වගබලා ගැනීමක් සිදුවේ. කම අවස්ථාවක සිදුවුවත් ක් ක් ගණුදෙනුව යම්කිසි ගණුදෙනුවකට පෙර හෝ පසුව සිදුවේ.
4. කල්පැවැත්ම (Durability) - ක් ගණුදෙනුවක් සාර්ථකව සම්පූර්ණ වූ විට ය නැවත ණහිටීමකට පත්නොවීමට මෙමගින් වග බලාගනී.

ගණුදෙනු සකස්කිරීම් පද්ධතියෙ විශේෂාංග 

  1. ඉක්මන් ප්‍රතිචාර - පාරිභෝගිකයින් දිගු වෙලා රවානොගැනීම
  2. විශ්වාසනීයත්වය - ගණුදෙනුකරැවන් පද්ධති සමග සිදුකරන ගණුදෙනුවලදී වැරදීම් අපේක්ෂා නොකරයි. ඒ වගෙම මේවා පද්ධති රක්ෂක සංවිධානයකින්ද පදා පිළියම් ඒකක වලින්ද සමන්විත විය යුතුය.
  3. ස්ථීරබව - සෑම ගණුදෙනුවක්ම පුද්ගලයා හෝ තරාතිරම තීරණය කිරීමකින් තොරව කාමෙන් කටයුතු කළ යුතුය.
  4. පාලිතබව - සංවිධානය වූ කාර්යයන් සදහා සහයෝගය දැක්වීමට පාලනයකින් යුක්තව සකස් වී ත.