Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Saturday, October 1, 2011

මොනවද මේ ස්වයංක්‍රීය පද්ධති???



         ස්වයංක්‍රීය පද්ධති (Automated Systems) කියලා කියන්නෙ මිනිසා විසින් ගොඩනගපු, ඒ වගෙම පරිගණකයක් හරි පරිගණක කිහිපයක් හරි මගින් පාලනය වන අන්තර් සම්බන්ධතාවයක් තිබෙන පද්ධති කොටසක්. 1කට 1ක් වෙනස් ස්වයංක්‍රීය පද්ධති ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම 1කටම වගෙ පොදු සංරචකත් තියෙනවා.

මේ කියන ස්වයංක්‍රීය පද්ධති විවිධ අයුරින් වර්ග කරන්න පුලුවන්.

   මේ ස්වයංක්‍රීය කළ පද්ධති ප්‍රධාන වශයෙන්  කොටස් 2කට බෙදන්න පුලුවන්.

1. කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ පද්ධති (Office Automation    Systems – OAS)
2. ගණුදෙනු සැකසුම් පද්ධති (Transaction Processing Systems – TPS)

කාර්යාලයීය ස්වයංක්‍රීයකරණ පද්ධති
  
 මෙයින් සිදුවන්නෙ අංකිත කාරයට නිර්මාණය කරගත්, ක්රැස් කරගත්, සමාලෝචනය කළ සහ ගබඩාකරගනු ලැබූ යතනික දත්තයන් කිසියම් මූලික කාර්යයක් සහා හෝ යම්කිසි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට උපයෝගී කරගැනීමයි.

පැරණි යතන පද්ධතීන් ගත්තහම ඒවායෙහි ප්‍රධානම කාර්යභාරය ඉටුකරනු ලබලා තියෙන්නෙ යතුරැ ලියනය, රෝනියෝ යන්ත්‍රය සහ ඡායා පිටපත් යන්ත්‍රය වැනි දේවල්. නමුත් අද වෙන කොට කාර්යාල පද්ධති වල තනිකරම වගෙ භාවිතා කරන්නෙ පහසු මෘදුකාංග (Word processing), විද්‍යුත් තැපෑල (E-mail) සහ ස්වර තැපෑල (Voice mail) දී දේය. ඉතින් මෙවැනි දේ භාවිතය නිසා පද්ධතියක අඩංගු තොරතුරැ අංකිත කාරයට පරිවර්තනය කරල සන්නිවේදනනය කරන්න පුලුවන් කාරයට මේ වෙන කොට වැඩි දියුණු කරලයි තියෙන්නෙ.

ගණුදෙනු සැකසුම් පද්ධති

අපි තොරතුරැ තාක්ෂණයෙදී ගණුදෙනුවක් විදිහට සලකන්නෙ, දත්ත සමුදායක් වැනි තොරතුරැ පද්ධතියක් සමග භාහිරව හරි අභ්‍යන්තරව හරි සිදුවන සන්නිවේදනයකදී අනුක්‍රමික වශයෙන් හුවමාරැවන වැඩ ඒකකයන්.
උද්‍ර - බැංකු කටයුතු

            මේ විදියට ගණුදෙනු සැකසීමක් සිදුකරනු ලබන්නෙ පරිගණක පද්ධතියට අදාළ පරිගණක දත්ත ගබඩාවක් හෝ  ගොනු ගබඩාවක් ශ්‍රයෙන්ය. ඒ වගෙම තමයි ගණුදෙනු සකස්කිරීම් පද්ධතීන් සුවිශේෂි ක්‍රියාකාරකම් වලින් සන්නද්ධ කරල තමයි ගොඩනගල තියෙන්නෙ. 

1. පරමාණුකතාව (Atomicity) - මෙහිදී ගණුදෙනු සකස් කිරීමකදී ය සම්පූර්ණයෙන් සිදුවීම හෝ සිදු නොවීමට වග බලාගනී.
2.සංස්ථිතික (Consistency) - මෙමගින් ගණුදෙනුවෙ නිවැරදිභාවය තහවුරැ විය යුතුය.
3. හුදකලාබව (Isolation) - මෙහිදී ගණුදෙනු 2ක් කපාර සිදුනොවෙන්න වගබලා ගැනීමක් සිදුවේ. කම අවස්ථාවක සිදුවුවත් ක් ක් ගණුදෙනුව යම්කිසි ගණුදෙනුවකට පෙර හෝ පසුව සිදුවේ.
4. කල්පැවැත්ම (Durability) - ක් ගණුදෙනුවක් සාර්ථකව සම්පූර්ණ වූ විට ය නැවත ණහිටීමකට පත්නොවීමට මෙමගින් වග බලාගනී.

ගණුදෙනු සකස්කිරීම් පද්ධතියෙ විශේෂාංග 

  1. ඉක්මන් ප්‍රතිචාර - පාරිභෝගිකයින් දිගු වෙලා රවානොගැනීම
  2. විශ්වාසනීයත්වය - ගණුදෙනුකරැවන් පද්ධති සමග සිදුකරන ගණුදෙනුවලදී වැරදීම් අපේක්ෂා නොකරයි. ඒ වගෙම මේවා පද්ධති රක්ෂක සංවිධානයකින්ද පදා පිළියම් ඒකක වලින්ද සමන්විත විය යුතුය.
  3. ස්ථීරබව - සෑම ගණුදෙනුවක්ම පුද්ගලයා හෝ තරාතිරම තීරණය කිරීමකින් තොරව කාමෙන් කටයුතු කළ යුතුය.
  4. පාලිතබව - සංවිධානය වූ කාර්යයන් සදහා සහයෝගය දැක්වීමට පාලනයකින් යුක්තව සකස් වී ත.




1 comments:

ඔන්න මගේ ගානෙ කමන්ට් එකක්!

දවසට එක පෝස්ට් එක ගානෙ හරි දාන්න පුලුවන්නන් සාර්ථකයි! තව මේ බ්ලොග් එක සිංඩියකට ඇඩ් කරගන්න ලංකාවෙ සිංඩි 3ක් 4ක් තියනවා එකක් කොත්තු, තව ලාංකීය වගේ ඒවට ඇතුල් කරන්න

ජය වේවා!

පික්සු මලියා ;)

ප.ලි. වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න, මොකද ස්ලෝ වෙනවා කමන්ට් කරන්න සහ දාපු කමන්ට් එක පබ්ලිශ් කරන්න හිතෙන්නෑ එහෙම උනොත් ;)

Post a Comment