Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Sunday, October 23, 2011

කළමණාකරණ සහාය පද්ධති යටතේ -: (Management Support Systems - MSS)


 
කළමණාකරණ සහාය පද්ධති යටතේ -:
(
Management Support Systems - MSS)

1.කළමණාකරණ තොරතුරැ පද්ධති
  
(Management Information Systems - MIS)
2. තීරණ සහාය පද්ධති (Decision Support Systems - DSS)
3. විධායක සහාය පද්ධති
(Executive Support Systems - ESS)




කළමණාකරණ තොරතුරැ පද්ධති 
(Management Information Systems MIS

            කළමණාකරණ තොරතුරැ පද්ධතියක් මගින් තමයි ආයතනයකට ඕන කරන දත්ත (උදාහරණ විදිහට ගත්තොත් සේවක වැටුප්, වියදම්, ආදායම් සහ විකුණුම් යනාදියයි.) දත්ත සමුදායක එහෙම නැත්නම් Database 1 තැන්පත් කරන්නෙ. ඉතින් මේ විදිහට දත්ත සකස්කරලා කළමණාකරණ කටයුතුවලට අවශ්‍ය තොරතුරැ ප්‍රතිදානය කරගන්නවා. මේ විදිහට ලබාගන්න තොරතුරැ ආයතනයක කළමණාකරැවෙකුට තමන්ගෙ ආයතනයෙ ප්‍රගතිය, ඒ වගේම පසුබෑම් වගේ දේවල් ගැන දැනුම ලබාගැනීමට ගොඩක් වැදගත් වෙනවා. මේවා තොරතුරැ මතනෙ පදනම් වෙලා තියෙන්නෙ. ඒ නිසා අවශ්‍ය තීරණ ගන්නත් පුලුවන් වෙනවා. මේ වගේ කළමණාකරණ තෙරතුරැවලට ආයතනයෙ වාර්ෂික වෙළදාම් රටාව, වියදම් සහ ආදායම් විස්තර, නව සේවක වැටුප් වැඩිවීමෙ රටාව වගේ දේවල් සලකන්න පුලුවන්.

තීරණ සහායක පද්ධති

මේ තීරණ සහායක පද්ධතිය ඔවුන්ගෙම තීරණ ලබාදීමක් සිදුකරන්නෙ නෑ. ඒ වෙනුවට කරන්නෙ ආයතනයක කළමණාකරැවෙකුට බුද්ධිමය තීරණ ගන්න ඒ අවශ්‍ය උදව් උපකාර ලබාදෙන එකයි. ඒ වගේම තමයි, ඒ විදිහට උදවු උපකාර කරන්නෙත් හැම තිස්සෙම තීරණ වෙනස් කරන්න නෙවෙයි. උචිත අවස්ථාවෙදි හරියට තීරණ ගන්න.

0 comments:

Post a Comment