Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Friday, November 11, 2011

ව්‍යූහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (Structured System Analysis and Design Methodology)


            තොරතුරැ පද්ධතියක් ප්‍රවර්ධනය කරනකොට බහුලව භාවිතාකරන සාම්ප්‍රදායික ක්‍රමවේදයක් විදිහට මෙම ව්‍යූහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (අපි මෙයට කෙටි නමක් දෙමු SSADM කියලා) හඳුන්වන්න පුලුවන්. මේකෙ තියෙන මූලිකම ලක්ෂණය තමයි තොරතුරැ පද්ධතියක තියෙන සංකීර්ණබව අඩුකරන්න අදියරෙන් අදියර  ගොඩනැගීම. ඒ වගේම තමයි ව්‍යාපෘති කළමණාකරණය විස්තර කරන්න සුදුසු සැකිල්ලක්ද මෙමගින්ම ලැබෙනවා.

            ව්‍යූහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය එහෙමත් නැත්නම් SSADM ට අනුව පද්ධති ප්‍රවර්ධන ව්‍යාපෘතියක් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.

  1. මොඩියුල හෙවත් ඒකක (Module)
  2. අදියර (Stage)
  3. පියවර (Steps)
  4. කාර්යයන් (Tasks)

ව්‍යූහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදයෙහි අරමුණු

à     ව්‍යාපෘතියක කළමණාකරණය හා පාලනය වැඩි දියුණු කිරීම.
à     පුහුණු හා නුපුහුණු කාර්ය මණ්ඩලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම.
à     තත්වයෙන් උසස් තොරතුරැ පද්ධති ප්‍රවර්ධනය කිරීම.
à     කාර්ය මණ්ඩලයෙ අඩුවීමක් සිදුවුවත් ව්‍යාපෘතිය අඛණ්ඩව කරගෙනයාමට හැකිවීම.
à     ව්‍යාපෘති සදහා පරිගණක ආශ්‍රිත මෘදුකාංග ඉංජිනේරැ පද්ධති වැනි පරිගණක පාදක මෙවලම්     භාවිතයට ගත හැකිවීම.
à     ව්‍යාපෘති මණ්ඩලයක පිරිස අතර මනා සන්නිවේදනයක් ගොඩනැගීම.

ව්‍යූහගත පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදයෙහි පියවර

1.  ශක්‍යතා පරීක්ෂා කිරීම.
2.  පවතින පරිසර තත්වයන් ගවේෂණය කිරීම.
3.  විකල්ප ව්‍යාපාර පද්ධති ගොඩනැගීම.
4.  අවශ්‍යතා නිර්වචනය කිරීම.
5.  විකල්ප තාක්ෂණික පද්ධති ගොඩනැගීම.
6.  ආර්ථික සැලසුම් නිර්මාණය කිරීම.
7.  භෞතික සැලසුම් නිර්මාණය කිරීම.

1 comments:

MGM National Harbor to re-open on June 9 - DRMCD
MGM 대구광역 출장샵 National Harbor will reopen June 남양주 출장안마 9 on 대구광역 출장안마 a $140 million renovation. (Photo 아산 출장샵 courtesy MGM National Harbor). The casino 안양 출장마사지 resort in Atlantic City will

Post a Comment