Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Friday, November 11, 2011

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය (System Development Life Cycle)


                 අපි හැමදෙනෙක්ම දන්න විදිහට, තොරතුරැ පද්ධතියක් ගොඩනගනවා කියන්නෙ හරිම බැරෑරැම් ඒ වගේම සංකීර්ණ කාර්යයක්. ඒ වගේම තමයි මේ තොරතුරැ පද්ධතිය ගොඩනගන්න ගතවන කාලය, ඒ සඳහා අවශ්‍ය පිරිවැය, ඒ තුලින් බලාපොරොත්තුවන නිපැයුම පිළිබදව තියෙන අවිනිශ්චිතභාවය කියන මෙන්න මේ වගේ කරැණු රාශියක් පිළිබඳවත් ගොඩාක් සැලකිලිමත්වෙන්න වෙනවා තොරතුරැ පද්ධතියක් ගොඩනගද්දි. හැබැයි තොරතුරැ පද්ධතියක් ගොඩනැගීම සඳහා භාවිතාකරන නොයෙකුත් ක්‍රමවේද රාශියක් තියෙනවා. ඒ වගේම තමයි ඒක පුණරාවර්තන ක්‍රියාවලියක්. ඉතින් මෙන්න මේ විදිහට බලනකොට, තොරතුරැ පද්ධතියක් ප්‍රවර්ධනය කිරීමට භාවිතාකරන එක් ක්‍රමවේදයක් විදිහට පද්ධති ප්‍රවර්ධන ජීවන චක්‍රය (SDLC) හඳුන්වන්න පුලුවන්. මෙතනදී මුලින්ම පද්ධති සැලසුම්කරැවන් විසින් ඒ අදාළ පද්ධතිය දෙස, ඉතාමත් පුලුල් විදිහට අවධානය යොමුකරනවා. ඊට පස්සෙ තමයි මුලු පද්ධතියෙම තියෙන කොටස් හා මට්ටම් වෙන වෙනම අරගෙන විස්තරාත්මක විදිහට අවධාරණය කිරීමක් කරන්නෙ.

පද්ධති සංවර්ධන ජීවන චක්‍රයෙ අවධි (Phases of the System Development Life Cycle) හදුනාගනිමු.

1   පද්ධති හදුනාගැනීම හෙවත් විමර්ෂණය (System  Investigation)
2.  පද්ධති විශ්ලේෂණය (System Analysis)
3.  පද්ධති සැලසුම්කිරීම (System Design)
4.  පද්ධති සංවර්ධනය (System Development)
5.  පද්ධති පරීක්ෂාව (System Testing)
6.  පද්ධති ක්‍රියාත්මකකිරීම (System Implementation)
7.  පද්ධති නඩත්තුව (System Maintenance)

2 comments:

Post a Comment