Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Thursday, December 29, 2011

පද්ධති නඩත්තුව (System Maintenance)


             අපි දන්නවා අලුතින් පද්ධතියක් ස්ථාපනයකළාට පස්සෙ ඒක ක්‍රියාත්මක කරද්දි නොයෙකුත් ගැටලු පැන නගිනවා. මේ පරිගණක පද්ධතියක තියෙන විශේෂම ලක්ෂණය තමයි තාක්ෂණයෙ ශීඝ්‍ර දියුණුවත් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න සිදුවෙන එක.

            ඉතින් පද්ධති නඩත්තු අදියරේදී  වෙන්නෙ පද්ධතියට බලපාන වෙනස්කම් පරීක්ෂාකරලා ඒ සදහා අවශ්‍ය යෝජනාවන් පද්ධති නඩත්තු කමිටුව මගින් ආයතනයෙ කළමණාකාරීත්වට ඉදිරිපත් කරන එක. ඒ වගෙම පද්ධති නඩත්තු සහ ආයතනයෙ කළමණාකාරීත්වය විසින් අවධානය යොමුකළ යුතු නිර්නායක කිහිපයකුත් තියෙනවා.
1. පද්ධතියක අරමුණු
2. කාර්යක්ෂමතාවය
3. ඵලදායීතාවය
4. යොදාගන්නා තාක්ෂණය
5. වැයවන පිරිවැය
6. ආරක්ෂාව සහ පද්ධතිය මගින් ලැබෙන ප්‍රතිලාභ

ඉතින් මෙම අවධියෙදී හඳුනාගන්නා වෙනස්වීම් සිදුකරන්න ඕන මෙම ඉහත වෙනස්වීම්වලට අනුවයි.
à  විශ්ලේෂක සමග වැඩකිරීම හා නඩත්තුකිරීම වැඩසටහන් සම්පාදක විසින් ක්ෂණිකව කළ යුතුය.
à  වෙනස්කම් ක්ෂණිකව පද්ධතියට එක් කළ යුතුය.
à ව්‍යාපාරික ක්‍රමවල කුඩා වෙනස්කම්, නීත්‍යානුකූල අවස්ථා, භාහිර සාධක, සමාගම් වෙළදපල තත්වය වෙනස්වීම වැනි කරැණු නිසා තවදුරටත් අනාගතයෙදී වෙනස්කම් සිදුකිරීමට විය හැකිය.
à නඩත්තු වැඩ සටහන් සම්පාදක සත්‍ය වශයෙන්ම මොඩියුල ලියනලද පුද්ගලයාම විය  නොහැකි නිසා නිර්මාතෘ හැරගොස් ඇති අවස්ථා විය හැකි නිසාත් කුඩා සම්පාදක කණ්ඩායම් යොදා පද්ධතිය හැසිරවීමට සිදුවිය හැකිය.



ප්‍රලේඛණය (Documentation)

            පද්ධතියක් නිර්මාණය කිරීමෙදී ලැබුණු ලිපි ලේඛන වැනි දේවල් පද්ධතියක් වෙනස්කරද්දි හරි අලුත් පද්ධතියක් හඳුන්වාදීමෙදී හරි අවශ්‍යවෙනවා. ඒ හින්දා ඒවා සුරක්ෂිත පිළිවෙලකට තබාගැනීම තමයි මෙම ප්‍රලේඛනය කියලා කියන්නෙ. එවැනි ලිපි ලේඛන නම්,
1. මූලික විමසාබැලීම් ලේඛණ
2. ශක්‍යතා අධ්‍ය්‍යන වාර්තා
3. අවශ්‍යතා වගු
4. විශ්ලේෂණ මෙවලම්
5. ව්‍යාපාර පද්ධති විකල්ප යෝජනා
6. පරිශීලක අත්පොත්

පද්ධති ක්‍රියාත්මකකිරීම (System Implementation)


            මෙම අදියරේදී සිදුවන්නෙ සාර්ථකව නිර්මාණය කරගත්තු  පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි. එනම් පද්ධතියට අවශ්‍ය දෘඪාංග සහ මෘදුකාංග ස්ථාපනය කිරීමයි. තවද පද්ධතියෙ සාර්ථකත්වය හා අසාර්ථකත්වය තීරණය වන්නෙද මෙම අදියරෙන්මයි. මේ අන්දමට පද්ධතියක් ස්ථාපනය කිරීම පියවර කිහිපයකින් සිද්ධවෙනවා. ඒ තමයි,
1. සෘජු ස්ථාපනය (Direct Implementation)
2. සමාන්තර ස්ථාපනය (Parallel Implementation)  
3. අදියරමත ස්ථාපනය (Phase Implementation)
4. නියමුමය ස්ථාපනය (Pilot Implementation)

සෘජු ස්ථාපනය (Direct Implementation)

à මෙහිදී දෙනු ලබන දිනයක පැරණි පද්ධතිය ක්‍රියාත්මකකිරීම නවතාදමා නව පද්ධතිය ක්‍රියාත්මකකරනු ලබයි.
à කාලය, ශ්‍රමය, වියදම අඩුවුවත් නව පද්ධතියෙ ගැටලු ඇතිවූවිට එය පද්ධතියෙ අඛණ්ඩ පැවැත්මට බාධා ඇතිකරයි.













සමාන්තර ස්ථාපනය
(Parallel Implementation)

à පැරණි පද්ධතිය සහ නව පද්ධතිය යන 2ම ක්‍රියාත්මක කරයි.
à එවිට පැරණි පද්ධතිය සහ නව පද්ධතිය සැසඳිය හැකිය.
à මෙහි ඇති ප්‍රධානතම අවාසියවන්නෙ 1ම ක්‍රියාව දෙවරක් කිරීමට සිදුවන නිසා  ඇතිවන අමතර කාර්යයන්ය.













අදියරමත ස්ථාපනය (Phase Implementation)

à  අලුත් පද්ධතියෙ උපාංග කිහිපයක්  ඇත්නම් 1 උපාංගයක් පළමුව හඳුන්වාදිය හැකිය.
à පද්ධතියෙ 1 කොටසක් පමණක් ඇත්නම් මෙම අවධි              ක්‍රියාත්මකකිරීම කළ නොහැකිය.
උද්‍ර -: දෘඪ තැටියක් හඳුන්වා දීමට යාමෙදී එක් කාලයකදී කුඩා    
  කොටසක් හඳුන්වා දිය හැකිය.

නියමුමය ස්ථාපනය (Pilot Implementation)

à  මෙම අදියරේදී දෙපාර්තමේන්තුවෙ ශාඛා කිහිපයක පිහිටුවීම තුළින් පද්ධතිය පරීක්ෂාකිරීම සහ අධ්‍යයනය කිරීම සිදුකරනු ලබයි.
à  එහි සාර්ථකත්වය මත සම්පූර්ණ සංවිධානය සඳහා පද්ධති ක්‍රියාවට නංවයි.

සමාලෝචනය (Review)

            පද්ධතියක් ක්‍රියාවට නැංවීමෙදී හඳුන්වාදුන් හා බලාපොරොත්තු වූ පද්ධති අතර එකගනොවන අවස්ථාවන් හඳුනාගැනීමට ඉතා තියුණු අවධානයක් තිබිය යුතුය. විධිමත් සමාලෝචනයකට දිනයක් නියමකර එය සිදුකිරීම කළයුත්තෙ පළමු වසර තුළයි.



 

Monday, December 26, 2011

පද්ධති පරික්ෂාව (System Testing)



මෙම අදියර තුළින් සිදුකිරීමට බලාපොරොත්තුවන ප්‍රධානම අරමුණ තමයි දෝෂයන් අවම කරපු සහ තත්වයෙන් උසස් ගනයෙ පද්ධතියක් සේවාදායකයා වෙත ලබාදීම. එතෙන්දී ස්වාධීන කණ්ඩායමක් විසින් පද්ධතිය සම්පූර්ණ වශයෙන් පරීක්ෂාවකට ලක්කරනවා. ඒ විතරක් නෙමෙයි, තව ඒ ක්‍රමලේඛනයෙ තියෙන දෝෂ ගැනත් විමර්ෂණය කරනවා.

අන්න එතකොට පද්ධතිය පහත සඳහන්කර තිබෙන විදිහට පරික්ෂාවට යොමුකරනවා. අපි ඒකට පොදුවෙ කියන්නෙ පරීක්ෂා අවස්ථාවන් (Test Cases) කියලා.
1. ඒකක පරික්ෂාව (Unit Testing)
2. සමස්ත පරික්ෂාව (Integrated Testing)
3. පද්ධති පරික්ෂාව (System Testing)
4. ප්‍රතිග්‍රහණ පරික්ෂාව (Acceptance Testing)

ඉතින් මොනවද මේ පරීක්ෂා අවස්ථා???
            කළින් කිව්වා වගෙ පද්ධතියක තියෙන දෝෂයන් හඳුනාගැනීම සඳහා තමයි මේ පරීක්ෂා අවස්ථාවන් ඕන වෙන්නෙ. මේ පරීක්ෂා ක්‍රියාවලියෙදී පරීක්ෂා අවස්ථා ආදානයන් විදිහට තමයි සැලකෙන්නෙ. ඉතින් පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියල දැනගන්න වලංගුතා, පරීක්ෂා අවස්ථා විශාල ප්‍රමාණයක් මේ විදිහට අවශ්‍යවෙනවා.

පද්ධති පරික්ෂා කිරීම් ආකාර
(System Testing Methods)

1. ස්වේත මංජුසා පරීක්ෂාව / කේත පරීක්ෂාව 
    (White Box Testing)
2. කාල මංජුසා පරීක්ෂාව / ආදාන ප්‍රතිදාන පරීක්ෂාව 
    (Black Box Testing)
3. ඒකක පරික්ෂාව (Unit Testing)
4. ඒකාබද්ධ පරීක්ෂාව / සමස්ත පරීක්ෂාව (Integrated Testing)
5. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව (Acceptance Testing)

ස්වේත මංජුසා පරීක්ෂාව / කේත පරීක්ෂාව
(White Box Testing)

            පද්ධතියක් තුළ තියෙන දත්ත ගැලීම් විශ්ලේෂණය සහ ගැලීම් පාලනය වගෙ දේවල් තමයි මේ කේත පරීක්ෂාව මගින් පරීක්ෂාවට ලක්කරන්නෙ. මෙතෙන්දී පරීක්ෂකයා විවේචනාත්මක දෘෂ්ටි කෝණයකින් ඒ දිහා බලන්න ඕන. එහෙම බලන්න ඕන වෙන්නෙ,
1. මෘදුකාංගවල සඵලතාවය
2. නිරවද්‍යතාවය
වැනි දේවල් පරීක්ෂා කිරීමටයි.

කාල මංජුසා පරීක්ෂාව / ආදාන ප්‍රතිදාන පරීක්ෂාව (Black Box Testing)

à  මෙහිදී පද්ධතිය සංවෘත පෙට්ටියක් විදිහට සලකයි.
à පරීක්ෂකට පද්ධති අභ්‍යන්තරය ගැන අවබෝධයක් තිබීම අවශ්‍ය නොවේ.
à පරීක්ෂක විසින් අවශ්‍ය ආදානයන් ඇතුළත්කර ප්‍රතිදානවල 
   නිරවද්‍යතාවය පරීක්ෂා කරයි.
à ඒවා අපේක්ෂිත ප්‍රතිදානත් එක්ක ගැලපුනේ නැතිනම් පරීක්ෂක විසින් එම දෝෂ වාර්තා කරයි.

ඒකක පරික්ෂාව (Unit Testing)

à මෙහිදී ක්‍රමලේඛ විසින් පද්ධතියෙ එක් එක් සංරචකයන් ගෙන ඒවා තනි තනිව පරික්ෂාවට ලක්කරයි.
à ඔහුගෙ සමයුරැ විසින් ඒවා සත්‍යාපනය කරයි.
à මෙහි අරමුණ මොඩියුලයෙ අභ්‍යන්තරය තර්කය පරික්ෂා කිරීමයි.
à ක්‍රමලේඛ විසින් සියලුම කේත ආවරණයවන විදිහට මෙම පරික්ෂාව ගැන හොඳ තක්සේරැවක් ලබාදිය යුතුයි.

ඒකාබද්ධ පරීක්ෂාව / සමස්ත පරීක්ෂාව
(Integrated Testing)

à බොහෝ ඒකක පරික්ෂිත මොඩියුල උප පද්ධතිවලට 
   ඒකාබද්ධකොට නැවත නැවත පරික්ෂාවට ලක්කරයි.
à මෙහි අරමුණ නම් මොඩියුල නිසි පරිදි ඒකාබද්ධකර ඇත්දැයි
   සොයා බැලීමයි.
à එමෙන්ම මොඩියුල අතර අතුරැ මුහුණත් අවධාරණයෙන් 
   පරික්ෂාකිරීම තවත් අරමුණකි.

පද්ධති පරික්ෂාව (System Testing)

à සම්පූර්ණ මෘදුකාංගයම පරික්ෂාවට ලක්කරයි.
à සමුද්දේශ ලේඛනයක් තුළින් පද්ධති අවශ්‍යතා ලේඛනය 
   යොදාගනු  ලබයි.

ප්‍රතිග්‍රහණ පරීක්ෂාව (Acceptance Testing)

à දත්ත යොදාගනු ලබයි.
à සේවාදායකයාට, ප්‍රවර්ධනය කරන්න ඕන මෘදුකාංග සතුටුදායක 
   විදිහට ක්‍රියා කරනවා යැයි ආදර්ශනයකර පෙන්විය යුතුය.
à පද්ධතියෙ සැබෑ හැසිරීම පරික්ෂාවට ලක්කරයි.
àමෙම පරික්ෂාවෙන් පසුව සේවාදායකයා විසින් එක්කෝ පද්ධතිය 
  අනුමත කරයි. නැත්නම් ප්‍රතික්ෂේප කරනු ලබයි.

Saturday, December 17, 2011

පද්ධති සංවර්ධනය (System Development)

            පද්ධතියක් සංවර්ධනය කරන්නෙ මෙන්න මෙහෙමයි. මුළින්ම සැලසුම් ක්‍රමවේදවලට අනුව සම්පූර්ණ පද්ධතියම මොඩියුලවලට බෙදාගන්න ඕන. පස්සෙ තමයි ඒක ක්‍රමලේඛකයින් (Programmers) හට ලබාදෙන්නෙ. ඊට පස්සෙ ක්‍රමලේඛකයින් තමයි උචිත පරිගණක භාෂාවක් යොදාගෙන දෝෂයන් අවම ක්‍රමලේඛ අඩංගු යෙදුම් මෘදුකාංග පද්ධතියක් හදන්නෙ. අපි මෙන්න මේකට කියන වචනය තමයි ක්‍රමලේඛ කේතකරණය මෙහි ප්‍රධානම අරමුණ තමයි පද්ධති නිර්මාණය සදහා දී ඇති ක්‍රමලේඛ භාෂාවකට පරිවර්තනය කිරීම. ඉතින් මෙන්න මේ විදිහට නිර්මාණය කරපු මොඩියුල සියල්ලම අර මුළින් පිළියෙල කරගත්ත අතුරැ මුහුණත තියෙන්නෙ. අන්න ඒ අතුරැ මුහුණත සමග සම්බන්ධ කරනවා. ඉතින් ඒ විදිහට තමයි මුලු පද්ධතියම ගොඩනැගීම සිදුකරන්නෙ.

Tuesday, December 13, 2011

පද්ධති පිරිසැලසුම (System Design)


       යෝජිත නව පද්ධතිය සැලසුම්කිරීම සිදුවන්නෙ ශක්‍යතා අධ්‍යයනය සහ පද්ධති විශ් ලේෂණය යන අදියරයන්ගෙ ප්‍රතිඵලයක් වශයෙන්ය. පද්ධති සැලසුම් කිරීම ප්‍රධාන ආකාර 2කින් දැක්විය හැකිය.
  1. තාර්කික පද්ධති සැලසුම් කිරීම - Logical System Design
  2. භෞතික පද්ධති සැලසුම් කිරීම - Physical System Design

තාර්කික පද්ධති සැලසුම් කිරීම
(Logical System Design)

            මෙහිදී පද්ධතියෙ දත්ත, තොරතුරැ, ක්‍රියාවලීන් සහ ගොනු ආදිය තාර්කික වශයෙන් සම්බන්ධවන ආකාරය නිරෑපණය කරනු ලැබේ. එහිදී මෙවැනි ක්‍රමෝපායන් භාජනයට ගනු ලබයි. එනම්,
1. පද්ධති ගැලීම් රෑප සටහන් - System Flow Diagrams
2. දත්ත ප්‍රවාහ රෑප සටහන් - Data Flow Diagrams

යෝජිත පද්ධතිය සදහා දත්ත ගැලීම් සටහන්

            SSADM ක්‍රමවේදයට අනුව රෑප සටහන් ඇදීමට භාවිතාකරන එක් මෙවලමක් වන්නෙ CASE (Computer Aided Software Engineering) මෙවලමයි. මෙම ක්‍රමයෙදී Level 1 DFD ජනනය වන්නෙ Context Diagrams ලෙසටයි.

තාර්කික දත්ත ආකෘති (Logical Data Structures)

            මෙම ව්‍යුහයෙ ප්‍රධාන අංග 2කි.
1.  NTT
2.  Relationships


à     NTT සෘජුකෝණාස්‍ර කොටුවක් තුළ දක්වනු ලබයි.
à     Relationship අදාළ NTT ආසන්නයෙ ලියනු ලබයි.

දත්ත ශබ්දකෝෂය (Data Dictionary)

දත්ත ශබ්දකෝෂයක් ලෙස හඳුන්වන්නෙ වැඩසටහන් සම්පාදකයන් සහ අනෙකුත් අය විසින් අධ්‍යයනය කළයුතු දත්තයන්ගෙ සවිස්තරාත්මක එකතුවකි.
උදා -:බැංකුවක් සැලකූ විට ගිණුම් හිමියන්, Credit Card හිමියන්
යනාදී පාරිභෝගිකයන්ගෙ දත්ත ශබ්දකෝෂයක් වැඩසටහන්
සම්පාදකයන්ට සැපයිය යුතුය.

භෞතික පද්ධති සැලසුම් කිරීම
(Physical System Design)

            මෙහිදී මෙවැනි සාධකයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි.
1. අතුරැමුහුණත නිර්මාණය කිරීම.
2. ආදානය
3. සැකසුම
4. ප්‍රතිදානය
5. ක්‍රමලේඛනය
6. පරිශීලනය
7. ආරක්ෂාව

අතුරැමුහුණත නිර්මාණය (Interface Design)

            අතුරැමුහුණත නිර්මාණයෙදී පහත අංග ඇතුළත් කිරීමෙන් පරිශීලකයාට වඩාත් මිත්‍රශීලී වටපිටාවක් නිර්මාණය කළ හැකිය.
  • පරිශීලක කේන්ද්‍රීය බව (User Entered)
  • අනයොන්‍ය ක්‍රියාව සැලසුම (Interaction Design)
  • අතුරැ මුහුණත් සැලසුම් සමග සම්බන්ධතාවය (Relationship With Interface Design)
  • අනයොන්‍ය ක්‍රියාවෙ සීමා (Interaction Issues)
  • ප්‍රයෝජ්‍ය සීමා (User Printing Issues)

       මේ අන්දමින් පද්ධතියක් සැලසුම් කිරීම තුළින් තාර්කික හා පද්ධති සැලසුම්වලට අදාළ තොරතුරැ විධිමත් ලෙස ලේඛන ගතකිරීමක් සිදු කළ හැකිය.

Thursday, December 8, 2011

පද්ධති විශ්ලේෂණය (System Analysis)



            ශක්‍යතා වාර්තා පිළිබඳ ව්‍යාපෘතිය භාර කමිටුව මගින් නව පද්ධතියක අවශ්‍යතාවය ගැන සෑහීමකට පත්වුණොත් ඒ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට ව්‍යාපෘති කමිටුව තීරණය කරයි. ඒ අනුව ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඔස්සෙ ලබාදී ඇති කරැණු තවදුරටත් විමර්ශනයට ලක්කිරීමක් සිදුවේ. නව පද්ධතියෙ අරමුණු මොනවාද? ඊට අදාළ විෂය සම්භාරය ගැන, අවශ්‍යවන භෙතික සහ මානව සම්පත් මොනවාද? යෝජිත නව පද්ධතිය සංවර්ධනය කෙරෙහි ඇතිවෙන්න පුලුවන් ගැටලු සහ සීමාවන් මොනවාද කියන දේ පිළිබඳව මෙතෙන්දී විශේෂයෙන්ම සලකා බැලීමක් සිදු කරනු ලබනවා. ඒ වගෙම පද්ධති විශ්ලේෂණ ක්‍රියාවලියෙදී ආයතනයෙ ව්‍යූහය කෙසේද? කළමණාකරණ මට්ටම් සහ මෙහෙයුම් මට්ටම් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරැ රැස්කරගැනීමක් සිදුකරනු ලබනවා. ඒකට හේතුව තමයි, මේ යෝජිත නව පද්ධතියෙන් කරන්නෙ කළමණාකරැවන්ගෙ සහ පරිශීලකයන්ගෙ අවශ්‍යතා සපුරාලීමයි. ඉතින් අන්න ඒ විදිහට පද්ධති විශ්ලේෂණ අවධියෙදී දත්ත එක්රැස් කිරීම සහ දත්තයක් තොරතුරක් බවට පත්කිරීම තුළින් පද්ධතියෙ අවශ්‍යතා සවිස්තරාත්මකව විමර්ශනයට ලක්කෙරෙනවා.

අවශ්‍යතාවයන් (Requirements)

            අවශ්‍යතාවයන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදෙනවා.
1. කාර්යබද්ධ අවශ්‍යතා (Functional Requirements)
2. කාර්යබද්ධ නොවන අවශ්‍යතා (Non Functional Requirements)

කාර්යබද්ධ අවශ්‍යතා (Functional Requirements)

            මෙහිදී තොරතුරැ පද්ධතියක් මගින් ඉටුකරන්න පුලුවන් සියලු ප්‍රායෝගික මෘදුකාංග අවශ්‍යතා යටතෙ සඳහන් කිරීමක් සිදුවේ.
 
කාර්යබද්ධ නොවන අවශ්‍යතා
(Non
Functional Requirements)

      තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට, ඒ ක්‍රියාත්මකකරන ආයතනයෙ තිබිය යුතු  භෞතික සහ මානව පහසුකම් මෙම කාර්යබද්ධ නොවන අවශ්‍යතා යටතෙ සදහන්කරයි.

විශ්ලේෂක මෙවලම් (Analytical Tools)

      ප්‍රධාන වශයෙන් විශ්ලේෂක මෙවලම් කොටස් 3කි.
  1. කාර්ය රෑප සටහන් (Activity Diagrams)
  2. ලේඛන ගැලීම් රෑප සටහන් (Document Flow Diagrams)
  3. පවතින පද්ධතිය සදහා දත්ත ගැලීම් සටහන් (Data Flow Diagrams)

කාර්ය රෑප සටහන් (Activity Diagrams)

            කාර්ය රෑප සටහන් අඳිනු ලබන්නෙ ව්‍යාපාර කාර්ය ආකෘති (Business Activity Model BAM) පද්ධතියෙ සීමාව පිළිබඳ ඒ අවශ්‍ය පුද්ගලයා සමග  එකගතාවයක් ඇති කරගැනීමෙ අරමුණින්ය. මෙතුළින් පද්ධතියෙ පරිසරය අතර පවතින ක්‍රියාකාරකම් රෑපිකව නිරෑපණය කරයි. පද්ධතියෙ මායිම තුළ දත්ත පාදක ක්‍රියාකාරකම් දක්වයි.

ලේඛන ගැලීම් රෑප සටහන්
(Document Flow Diagrams)

මෙහිදී,
  1. ප්‍රභවය (Source)
  2. ප්‍රතිග්‍රාහකය (Recipient)
  3. ලේඛනය (Document) යන කොටස් හඳුනාගැනේ. මෙය පද්ධති සීමාවෙන් ඇතුළතද පිටතද යන්න හඳුනාගන්නෙ ලේඛනය තුළින්ය.

පවත්නා පද්ධතිය සදහා දත්ත ගැලීම් සටහන්.......
(Data Flow Diagrams for the current system
Level1 DFD)

මෙවැනි දත්ත ගැලීම් සටහනකින්
· පද්ධතිය වටා දත්ත ගලායන්නෙ කොහොමද?
· පද්ධතිය තුළ පරිණාමනය සහ ගමන්කරන ආකාරය
· පද්ධතිය පිළිබඳව භාවිතකරන්නාගෙ දැක්ම ආදී දේ නිරෑපණය කරයි.

External Entity

            මෙමගින් පෙන්නුම් කරන්නෙ පද්ධතිය සමීක්ෂණය කරන අවස්ථාවෙ නිරෑපණය කරන පුද්ගල සංවිධාන හෝ වෙනත් භාහිර පද්ධතීන්ය. එමෙන්ම දත්තවල ප්‍රභව (Source) හෝ ප්‍රතිග්‍රාහකයා (Recipient) ලෙස ක්‍රියා කරනු ලැබේ. පොදු නාමයක් විය යුතුයි.

Data Flow

            මෙහිදී පද්ධතිය තුළට සහ පද්ධතිය වෙතින් දත්ත ගලායන ආකාරය පෙන්නුම් කරයි. DFD හි උපාංග සම්බන්ධ කරනු ලබයි. මෙහි දිශානතිය එක් දිශාවකට හෝ දෙදිශාවටම විය හැකිය. එසේම තදින් නොවදින ඊතල විය යුතුය. භාහිර උපාංගයන් 2ක් අතරතුරදී කැඩි ඊතල අඳිනු ලැබේ. ඡේදනය වීමක් සිදුනොවේ.
  
Process

            මෙහිදී ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රධාන කොටස් 3කට වෙන් කරනු ලැබේ.
  1. ID
  2. Name
  3. Location

ව්‍යාපාරික පද්ධති විකල්ප
(Business Systems Options)

            පද්ධතිය සදහා විවිධාකාරයෙ භෞතික තේරීම් සිදුකරනු ලබයි. එහිදී වඩාත් ප්‍රශස්ත (Optimize) ශක්‍යතාව (Feasibility) ඇති ව්‍යාපාරික පද්ධති විකල්පය (BSO) තෝරාගනු ලබයි.
à     BSO 1
à     BSO 2
à     BSO 3
à     BSO 4

BSO 1 තෝරාගැනීම

à     පිරිවැය අඩුවීම.
à     පහසුවෙන් නඩත්තු කළ හැකිවීම.
à     සේවාදායකයා එකගවීම.

BSO 2

à     සියලුම අවශ්‍යතාවයන් අනිවාර්ය විය යුතුය.
à    තීරණ ගැනීම් හා භාවිතකරන ලද සියලුම ක්‍රියාකාරකම්වලට අදාළ  මෙවලම් ප්‍රවර්ධනය කළ යුතුය.

BSO 3

à ව්‍යාපාරයෙ සියලුම අවශ්‍යතාවයන් අනිවාර්ය වන අතර එයින් තෘප්තිමත් විය යුතුය.
à අන්තර්ජාලයෙ වෙළද දැන්වීම්, වෙන්කරගැනීම් සහ මූල්‍යමය ගණුදෙනු කිරීමට හැකිවිය යුතුය.
à WAN පහසුකම සමග පරිගණක 4ක් සහ ලේසර් ප්‍රින්ටරයක් ඇතුළත් විය යුතුය.

BSO 4

à ව්‍යාපාරය සදහා අවශ්‍ය සියලු අනිවාර්යයන් සදහා තෘප්තිමත් විය හැකිය.
à  අන්තර්ජාලයෙ වෙළද දැන්වීම් පළකිරීම, වාර්තා බැලීම, මූල්‍යමය ගණුදෙනු වැනි පහසුකම් තිබිය හැකිය.

Wednesday, December 7, 2011

පද්ධති හඳුනාගැනීම හෙවත් විමර්ශනය (System Investigation)


              මෙම අදියර ක්‍රියාත්මකවන්නෙ නව පද්ධතියක් පිළිබඳ අදහසක් ඉදිරිපත්කිරීම හෝ පවත්නා පද්ධතියක් පිළිබඳ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවක සිටයි. මෙම අදියරේදී පද්ධතිය පිළිබද පූර්ණ අවබෝධයක් ලබාගනී. ඒ තුළින් එවැනි පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තීරණය කරයි. මෙහිදී අංශ 2ක් ඔස්සෙ විමර්ශනය කිරීමක් සිදුවේ.
1. මූලික විමර්ශනය (Preliminary Investigation)
මෙමගින් පද්ධතිය හඳුනාගැනීමත්, එහි පවතින ගැටලු හඳුනාගැනීමත් සිදුකරයි.

2. ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)
    මෙතනදී පද්ධතිය පිහිටුවීම පිළිබඳ යෝග්‍ය පරීක්ෂණයක් සිදුකරයි. එහිදී යෝජිත පද්ධතිය පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්න විචාරාත්මක විමර්ශනයක් ලබාදෙනු ලබයි.

මූලික විමසා බැලීම (Preliminary Investigation)

            අපි හිතමු යම්කිසි ආයතනයක් අලුත් තොරතුරැ පද්ධතියක් සැලසුම්කරනවා කියලා. එතකොට දැනට තියෙන පද්ධතිය ගැන හරි, අර විදිහට සැලසුම්කරන අලුත් පද්ධතිය ගැන හරි, පූර්ව විමසා බැලීමක් කරන්න ඕන. ඒක ගොඩාක්ම අත්‍යවශ්‍යය දෙයක්. මේ විදිහට දැන් මෙම ආයතනය තුළ ගොඩනගන්න යන අලුත් පද්ධතිය ගැන විධිමත්ව අධ්‍යයන කටයුතු කරන්න කළින් ඒ පද්ධතිය සංවර්ධනය කිරීමේ අරමුණු සහ හේතූන් මොනවාද කියන එක ගැන හඳුනාගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදුකරන්න ඕනෙ. අන්න එතනදී මේවාට අදාළ කරැණු ආයතනයක ඉහළ කළමණාකාරීත්වයට ඉදිරිපත්කර අනුමැතිය ලබාගන්න ඕන.

පවතින පද්ධතියෙ ඇති ගැටලු හඳුනාගැනීම.

            පද්ධති සැලසුම්කරැවන් විසින් මුලින්ම කරන්න ඕන ආයතනයෙ නිරාකරණයකරන්න ඕන ගැටලු හඳුනාගන්න එකයි. ඊටපස්සෙ ඒවාට විසඳුම් හොයාගන්න අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා ඉදිරිපත්කරන්න ඕන.
 
විකල්ප විසඳුම් යෝජනා කිරීම.

            මෙතෙන්දී, ව්‍යාපෘතියට අලුතින්ම එකතුකරන්න ඕන කොටස් මොනවද? දැනට තියෙන පද්ධතියෙ සංශෝධනයකරන්න ඕන ස්ථාන මොනවාද? එතකොට නව යෝජනා ආදී ආයතනයෙ සාර්ථකත්වය සදහා පහසුවෙන් තීරණගන්න පුලුවන් විදිහෙ විකල්ප යෝජනා ලබාදීමක්ද සිදුකරන්න ඕන.
  1. යෝජිත නව ව්‍යාපෘතිය මගින් ආයතනයෙ දියුණුවට ලැබෙන ප්‍රතිලාභ සහ පිරිවැය.
  2. ආයතනය තුළ නව පද්ධතිය භාවිතකිරීමට අදහස්කරනු ලබන ක්ෂේත්‍ර සහ ඉන් ලැබිය හැකි ප්‍රයෝජන.
  3. නව පද්ධතිය දියුණු කිරීමෙදී මුහුණදීමට සිදුවිය හැකි සීමා හෙවත් දුෂ්කරතා හා ඒවා මගහරවා ගතහැකි ආකාරය පිළිබද විස්තර.
  4. යෝජිත නව පද්ධතියට අවශ්‍ය සම්පත් හා ඒවා ආයතනය තුළ බෙදීයන ආකාරය.
  5. නව ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා ගතවන කාල සීමාවන්.
තොරතුරැ පද්ධතිවල අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීම.

            මූලික අධ්‍යයන වාර්තාව පදනම් කරගෙන ආයතනයෙ ඉහළ කළමණාකාරීත්වය සෑහීමකට පත්වුනොත් පද්ධතියක ප්‍රමුඛතාවය ලබාදීලා පද්ධතිය ගොඩනැගීම සිදුකරන්න පුලුවන් වෙනවා.

ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)

            යෝජිත නව පද්ධතිය පිළිබඳ අනුමැතිය ආයතනයෙ ඉහළ කළමණාකාරීත්වය තුළින් ලබාදුන්නට පස්සෙ ශක්‍යතා අධ්‍යයන කණ්ඩායම විසින් මෙම නව පද්ධතියෙ යෝග්‍යතාව අධ්‍යයනය කරනු ලබනවා.

            ඉතින් මෙන්න මේ විදිහට පද්ධතිය ආයතනයකට හඳුන්වාදීමේ ගැටලු පිළිබඳව කරනු ලබන විස්තරාත්මක විමර්ශනයක් විදිහට ශක්‍යතා අධ්‍යයනය හඳුන්වන්න පුලුවන්.

ශක්‍යතා විමසාබැලීමෙ අංශයන්

1.      තාක්ෂණික ශක්‍යතාව (Technical Feasibility)
2.      ආර්ථික ශක්‍යතාව (Economical Feasibility)
3.      මෙහෙයුම් ශක්‍යතාව (Operational Feasibility)
4.      ආයතනික ශක්‍යතාව (Organizational Feasibility)

තාක්ෂණික ශක්‍යතාව (Technical Feasibility)

            පවතින  තොරතුරැ පද්ධතියක් දියුණු කිරීමට හරි අලුත් පද්ධතියක් ප්‍රවර්ධනය කරන්න හරි, ඒ සදහා අදාළ දෘඪාංග, මෘදුකාංග සහ අනෙකුත් උපාංග ලබාගන්න පුලුවන්දැයි කියලා  හොයලා බැලීමක් තමයි මේ තාක්ෂණික ශක්‍යතාවයෙන් සිදුකරන්නෙ.

ආර්ථික ශක්‍යතාව (Economical Feasibility)

            වැයවන සමස්ත පිරිවැය සහ එහි ප්‍රතිලාභ පිළිබද විශ්ලේෂණය කිරීමක් මෙමගින් සිදුවේ.
Ø      සමස්ත පිරිවැය -:
1.   නිශ්චිත වියදම් -      දෘඪාංග, මෘදුකාංග, කළමණාකරණ සේවාවන්  
                                     සදහා
2.   අවිනිශ්චිත වියදම් - සේවක උනන්දුව දුර්වල වීම.
                                     වැරදීම් හා වංචාවන් සිදුවීම.
                                     ආයතනයෙ කීර්ති නාමයට හානි පැමිණවීම.
                                     නිෂ්පාදන සහ විකිණීම අඩුවීම.
Ø      සමස්ත ප්‍රතිලාභ -:
1.   නිශ්චිත ප්‍රතිලාභ -       උපකරණ, යන්ත්‍ර සූත්‍ර, පරිපාලන කටයුතු
                                        කළමණාකරණ කාර්ය මණ්ඩලය සදහා
                                        පිරිවැය අඩුවීම හෝ ඉතිරිවීම.
2.   අවිනිශ්චිත ප්‍රතිලාභ - කළමණාකරණ මණ්ඩලයට තීරණ ගැනීම සදහා වඩාත්උචිත 
                                       කාර්යක්ෂම හා ඵලදායී තොරතුරැ කාර්යයන්වල ගුණාත්මකභාවය 
                                       ඉහළ නැංවීම
                                             සේවාදායකයන්සදහා උසස් සේවාවක් ලබාදීම.
                                       ආයතනයෙ කීර්ති නාමය ඉහළ නැංවීම.

මෙහෙයුම් ශක්‍යතාව (Operational Feasibility)

            මෙහිදී නව පද්ධතිය මෙහෙයුම් සදහා ක්‍රියාකාරීත්වයට පත්කරන්න පුලුවන්ද යන්න අධ්‍යයනය කරයි.

ආයතනික ශක්‍යතාව (Organizational Feasibility)

            නව පද්ධතිය පිළිබඳ කළමණාකරණ මණ්ඩලයෙ සහ කාර්ය මණ්ඩලයෙ ආකල්ප සහ චර්යා මොනවාද යන්න අධ්‍යයනය කිරීමක් මෙමගින් සිදුවේ.