Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Saturday, September 17, 2011

පද්ධති ගැන දැනගමුද???

   පද්ධති කිව්වහම මොන තරම් නම් පද්ධති වර්ග ගොඩක් මෙම ලෝකයේ තියෙනවාද නේද? හැබැයි ඉතින් මේ නම් කියන්න හදන්නෙ පරිගණක පද්ධති ගැන. (Computer Systems) අපි එහෙනම් මුළින්ම බලමු පද්ධතියක් කියන්නෙ මොකක්ද කියලා.

පද්ධතියක් යනු -:
            පද්ධතියක් කියල කියන්නෙ 1 අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයකටයි.

            හැම පද්ධතියක්ම වගේ උප පද්ධති 1ක් හෝ කිහිපයකින් සමන්විත වෙනවා. පද්ධතිය ක්‍රියාත්මක වෙන සීමාව තියෙන්නෙ. ඒක හඳුන්වන්නෙ පද්ධති මායිම කියලා. ඒකෙන් පිටත දෑ පරිසරය නැත්නම් වටපිටාව කියල හඳුන්වනවා.

 



Basic Elements Of Systems

ඕනෑම පද්ධතියක Input, Process, Output හඳුනාගන්න පුලුවන්.







දන්නවද? හැම එහෙකටම වගේ මෙකටත් තියෙනවා Concept 1 ක් කියලා දෙයක්. ඒ තමයි මොකක් හරි පොදු වැඩක් සම්බන්ධයෙන් එකතුවෙලා වැඩකරන පිරිස්වල එකතුවක් විදියට මෙයාව හඳුන්වන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි, දන්නවද මෙයා හැදිලා තියෙන්නෙ කොහොමද කියලා?

            මෙයා හැදිලා තියෙන්නෙ හැමතිස්සෙම සිදු කරනු ලබන අන්තර් ක්රියාකාරීත්වයන්ගෙන්. එහෙමත් නැත්නම් අන්තර් රැඳියාවෙන් යුතු එක එක දේවල් වලින්. (බර වචන දැම්මට බයවෙන්න එපා. හොඳද?) මෙයාගෙ ක්රියාකාරීත්වය ආවට ගියාට පේන්නෙ නෑ. ඒකට හැමෝගේම අදහස් උදහස් සහ එකගතා වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඇත්තම කිව්වොත් මෙයා හැසිරෙන්නෙත් තනියෙන් නෙමයිනෙ. මෙයා සංවිධානාත්මක පිරිසකුත් එක්ක ඉතින් බොක්කෙන්ම තමයි. ඉතින් ඔයාලට දැන් මෙයාගෙ concept 1   පැහැදිළියි නේද?

සැ.යු. - බොහෝ පද්ධති එකිනෙකට වෙනස් ආකාරෙයන් ක්රියාත්මකවන බව පෙනුනද ඒ සෑම පද්ධතියක්ම ක්රියාත්මකවන්නෙ පොදු මූලධර්ම හා න්‍යයාන් මතය. එක් පද්ධතියක් බොහෝවිට තවත් පද්ධතියක කොටසක් විය හැකිය.



 
පද්ධති වර්ගීකරණය - Classification 
 
 ඇත්තටම පද්ධතියක් classify කරනවා කියන එක එච්චරම අමාරැ වැඩක් නෙමෙයි. අපි බලමුද පද්ධතියක් කොහොමද වර්ග කරන්නෙ කියලා.

 
මෙම ආකෘතිය ගැන දැනගත්තම පද්ධතියක් වර්ග කරන එක මහ කජ්ජක්ද නේද..........? හැබැයි ඉතින් මෙව්වා නැවතත් උප පද්ධති වලටත් බෙදෙනවා. ඒ ගැනත් විස්තර කියන්න එපායැ. එහෙනම් අපි මුළින්ම ස්වභාවික පද්ධති ගැන පොඩිත්තක් කතාකරමු.

ස්වභාවික පද්ධති ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. 







1. භෞතික පද්ධති

  • තාරකා පද්ධති       - මන්දාකිණි, සෞරග්‍රහ මණ්ඩලය


     







  • භූගෝලීය පද්ධති   - ගංගා, කඳු



     
  • අණුක පද්ධති        - පරමාණු, අණු














     2. සජීවි පද්ධති
      
    • අප වටා සිටින සත්වයින් සහ ශාක

     









        
    •  මිනිසා 













                  ඊටපස්සෙ අපිට හමුවෙන ප්‍රධානම පද්ධති වර්ගය තමයි, මිනිසා විසින් ගොඩනගන පද්ධති (Man-made Systems)  වර්ගයයි. එවැනි පද්ධති තුන් වර්ගයක් තියෙනවා.

    1. සමාජීය පද්ධති (Social Systems)  
    2. ප්‍රවාහන පද්ධති (Transportation Systems)
    3. නිමැවුම් පද්ධති (Manufacturing Systems)
      
    සමාජීය පද්ධති

     මෙයා හැදිල තියෙන්නෙ මහ පුදුමාකාර විදියට. එහෙම කියන්නෙ, මෙයාට තියෙනවා නීති සංවිධානයක්, (Organization of laws) ඒ වගෙම මතයන්. (Doctrines)  ඒ විතරක්ද, ඇයි සිරිත් විරිත්(Customs). මෙ විදියට මෙ සෑම අංශයක්ම සංවිධානාත්මකව එකතුවෙලා තමයි මෙයා නිර්මාණය වෙලා තියෙන්නෙ.   

    ප්‍රවාහන පද්ධති

    මෙයා තුළ ගොඩක් උප පද්ධති තියෙනවා. ඒ තමයි,

    අධිවේගී මාර්ග පද්ධති


      








  • ඇල මාර්ග පද්ධති












  • ගුවන් ගමන් පද්ධති











  • සන්නිවේදන පද්ධති - දුරකථනය, Telex වගෙ දේවල්











  • නිමැවුම් පද්ධති - කර්මාන්තශාලා, එකළස් පේලි ආදිය















                      
              ඔන්න ඉතින් ඔය විදියට තමයි අපි පද්ධති වර්ගකරන්නෙ හරිද? ඔයාලට මෙව්වා මතක තියාගන්න නම් එච්චර අමාරැ වෙන එකක් නෑ කියල අපි දෙන්න නම් හිතනවා.         



1 comments:

අනේ සුදු පාට වෙලානෙ පේන්නෙ

Post a Comment