Hi Friends,

මායි මගෙ යෙහෙළිය පමීයි, අපි ඩබල එකතුවෙලා ඔයාලගෙ I.T. subject 1 එන සිස්ටම් ගැන චූටි blog 1ක් කරන්නයි හදන්නෙ. ඉතින් අපි හිතනවා ඔයාලගෙ අධ්‍යාපනයට මෙය වැදගත්වෙයි කියලා. දන්නවද අපිට මෙවැනි blog 1ක් කරන්න Idea 1ක් දුන්නෙ අපිට I.T උගන්වන කසුන් සර්. ඉතින් අපි හිතනවා අපෙ blogs කියවලා හිත සැනසෙන්නත් එක්ක චූටි comments පාරකුත් දාල යයි කියලා...

Saturday, November 5, 2011

විවිධ තොරතුරැ පද්ධති සංවර්ධන ආකෘති සහ ක්‍රමවේද (Different Information Systems Development Models And Methods) ගවේෂණය කරමු.



          ප්‍රධාන වශයෙන් තොරතුරැ පද්ධති කෘති 4ක් පිළිබව හඳුනාගන්න පුලුවන්.
  1. දියලි කෘතිය
  2. සර්පිල කෘතිය
  3. ඒකී - කෘත කෘතිය
  4. ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන කෘතිය

දියල්ලක් වගේ ගලායන දියලි (Waterfall) කෘතිය

තොරතුරැ පද්ධතියක් තුළ තියෙන සංවර්ධන පියවරයන් රේඛීය සරල ක්‍රමයට ඉදිරිපත් කරන අවස්ථාවක් විදිහට මේ දියලි කෘතිය හඳුන්වන්න පුලුවන්. මෙම කෘතිය මුළින්ම ඉදිරිපත් කළේ W.W. Royce නම් තැනැත්තෙක්. ඒ 1970 වර්ෂයෙදී පමණ.



දියඇලි ආකෘතියෙ මූලික පියවර

1. පද්ධති අර්ථ දැක්වීම (System Definition)
2. පද්ධති විශ්ලේෂණය (System Analyzing)
3. පද්ධති පිරිසැලසුම (System Design)
4. පද්ධති සංවර්ධනය (System Development)
5. පද්ධති පරික්ෂාව (System Testing)
6. පද්ධති ක්‍රියාවට නැංවීම (System Implementation)
7. පද්ධති නඩත්තුව (System Maintenance)

මේ දියඇලි ආකෘතියට අනුව ගත්විට මෙහි එක් පියවරක වලංගුබව, එහෙමත් නැත්නම් සකසනය අනුව තමයි ඉදිරි පියවර කරා යොමුවෙන්න පුලුවන්වෙන්නෙ. හදිසියෙවත් එහෙම වුණේ නෑ කියල හිතමු. එතකොට මොකද වෙන්නෙ? එතකොට ඒ මතුවන පියවර පුණර්කරණය වීමක් සිදුවෙනවා. මේ දියඇලි ආකෘතියට අනුව බැලුවම තොරතුරැ පද්ධති සංවර්ධනය කියල කියන්නෙ නොනවතින ක්‍රියාවලියක්. ඒක ඉතින් ගොඩක්ම සුදුසුවන්නෙ අපේ දෛනික ජීවිත අවශ්‍යතාවලදී පුලුල් විදියට භාවිතාවන ව්‍යාපෘතිවලට.
උදා -:   මෙහෙයුම් පද්ධතියක් අනුවාද කිහිපයක් විදිහට එළිදකින්නෙ දියඇලි ආකෘතියට අනුවයි.

දියඇලි ආකෘතියෙ අවාසි මොනවාද?????????????

  1. අපි ජීවත්වන මේ ලෝකයෙ තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මකවෙද්දි හැමතිස්සෙම එක රේඛීය පියවරයන් ඔස්සෙ සිදුවෙන්නෙ නෑ. අන්න එතකොට ඉතින් මේ ආකෘතිය භාවිතාකරන්න බැරැව යනවා.

  1. ගොඩක් ව්‍යාපෘති ආරම්භ කරද්දි සේවාදායකාට ඔහුගෙ සියලු ඕනෑ එපාකම් ව්‍යාපෘති කණ්ඩායමට කියන්න බැරැව යනවා. ඒ වගේම තමයි සේවාදායකයාගෙ ඕනෑ එපාකම් මොනවද කියල ව්‍යාපෘති කණ්ඩායමටත් හොයාගන්න බැරැව යනවා.

  1. අවසන් නිමැවුම ලබාගන්න ගතවන කාලය අවිනිශ්චිතවෙනවා. ඒ වගේම සේවාදායකයාටත් නිමැවුම දැකගන්න පුලුවන්වෙන්නෙ අන්තිම අදියරේදී. ඒ නිසා ඒක සේවාදායකයා බලාපොරොත්තු  නොවූ විදියෙ එකක් වෙන්න පුලුවන්.

  1. මේ දියඇලි ආකෘතිය ඉදිරියට අරන්යන්න පුලුවන් වෙන්නෙ පියවරෙන් පියවර (step by step) ගිහිල්ලා. ඒ වගේම තමයි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන. මෙන්න මේ වගේ දේවල් හින්දා ව්‍යාපෘති කණ්ඩාය මේ ඉන්න එක් එක් පියවරවල් සකස්කරන සාමාජිකයන්ට නිකරැණේ බලාඉන්න සිද්දවෙනවා.

ඔන්න ඔය වගේ කරැණු ගොඩක් මේ දියඇලි ආකෘතියෙ අවාසි විදිහට ගන්න පුලුවන්.


සර්පිලාකාර සර්පිල (Spiral) කෘතිය
à    සර්පිලාකාර කෘතිය නිර්මාණයවෙලා තියෙන්නෙ රේඛීය කෘතියයි මූලාකෘති කෘතියයි කට කතුවෙලා තනි කෘතියක් විදිහට
à   මේ සර්පිල කෘතිය ලෝකයට හඳුන්වාදුන්නෙ Bohem කියන තැනැත්තෙක්. ඒ 1988 දී  පමණ.
à    මේ කෘතියට අනුව මෘදුකාංග වෙලුම් ඔස්සෙ ඉතාමත් වේගවත්ව වැඩි දියුණු කරන්න පුලුවන්.
à     සර්පිල කෘතියක් ක්‍රියාකාරි රාමු කිහිපයකට බෙදලා තියෙනවා. (3 6 දක්වා)

අවධානය යොමුකළ යුතු කරැණු -:

à   මේ කෘතිය යටතෙදී සේවාදායකයා සහ නිමැවුම සංවර්ධනය කරන තැනැත්තා අතර හොඳඵලදායී සම්බන්ධයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්න න.
à    සම්පත් අර්ථ දැක්වීම, කාල සීමාවන් තීරණය කිරීම, ව්‍යාපෘතියට අදාළ තොරතුරැ තීරණය කිරීම වගේ දේවල්වලට අවශ්‍ය කාර්යයන් සැලසුම් කරන්න න.
à    අවදානම් විශ්ලේෂණ කාර්යයන් වැනි දේ තක්සේරැ කිරීමෙදී තාක්ෂණික හා කළමණාකරණ අවදානම යන මේ අවදානම් 2ම ගැන සැලකිල්ලට ගන්න න.
à    යෙදවුම් නියෝජන 1ක් හෝ ඊට වැඩි ගණනක් නියෝජනය කරන්න ඉංජිනේරැ කාර්යයන් අවශ්‍යවෙනවා.
à    ගොඩනැගීම, නිදහස්කිරීම වගෙ කාර්යයන් සහා ගොඩනැගීම, පරීක්ෂාකිරීම, පිහිටුවීම සහ පරිශීලක උපක්‍රම සැපයීම අවශ්‍යවෙනවා.

ඒකී - කෘත සංවර්ධන (Unified Development) ආකෘතිය



             ඒකී - කෘත සංවර්ධන ක්‍රියාවලිය පුනර්කරණයවන වැඩි දියුණු සංවර්ධන ක්‍රියාවලියකි (Iterative and incremental development). විස්තාරණය (Elaboration), ගොඩනැගීම (Construction) සහ මාරැව (Transition phases) කියන අදියරයන් කාල පරාසයන්ට බෙදාගනිමින්  මේ පුණර්කරණය සිදුවේ. (විශාල ව්‍යාපෘතියක රම්භක අවධිය පවා පුණර්කරණයන්වලට බෙදී යන්න පුලුවන්.) හැම පුණර්කරණ ප්‍රතිඵලයක්ම කළින් මුදාහරින ලද පද්ධතියෙ අන්තර්ගත ක්‍රියාකාරකම්වල වැඩි දියුණුවක් සහිත පද්ධතියක් ලෙස ලි දකී. ත්තටම ගොඩක් පුණර්කරණයන් තුළ අවශ්‍යතා, සැලසුම්, ක්‍රියාවට නැංවීම්, පරීක්ෂාකිරීම් වගෙ අවධි ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට කොච්චර අවධි ක්‍රියාත්මක වුණත් මොකද ඒ  කිනෙකට සම්බන්ධ පරිශ්‍රමයන් තමයි ව්‍යාපෘතියක තත්වය ගොඩක් දුරට වැඩි දියුණු කරලා වෙනස් කරන්නෙ.

ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන (Rapid Applications Development) ආකෘතිය ගැනත්






             ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය කියල කියන්නෙ ඉතාමත් කෙටි සංවර්ධන චක්‍රයක් සහිත රේඛීය මෘදුකාංග සංවර්ධන ක්‍රියා පිළිවෙලක් සහිත ආකෘතියකට. ඉතින් මේ ආකෘතියට මූලික වශයෙන් අයත්වන යෙදවුම් පද්ධති කිහිපයක් තියෙනවා. ඒ තමයි,
1.                  ව්‍යාපාරික
2.                  දත්ත
3.                  ක්‍රියාවලි
4.                  යෙදවුම්
5.                  පරීක්ෂා කිරීම්


2 comments:

ela ela hitha hadennath ekka menna magen comment ekak

thanks aaa...mama i.t. guruwarayek.matath meya prayojanawath.oyalata theruwan saranai.udayanka,godakawela,R.N.S.

Post a Comment