මෙම අදියර ක්‍රියාත්මකවන්නෙ
නව පද්ධතියක් පිළිබඳ අදහසක් ඉදිරිපත්කිරීම හෝ පවත්නා පද්ධතියක් පිළිබඳ සංවර්ධනාත්මක
යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවක සිටයි. මෙම අදියරේදී පද්ධතිය පිළිබද පූර්ණ අවබෝධයක්
ලබාගනී. ඒ තුළින් එවැනි පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තීරණය කරයි. මෙහිදී
අංශ 2ක් ඔස්සෙ විමර්ශනය කිරීමක් සිදුවේ.
1. මූලික විමර්ශනය (Preliminary Investigation)
මෙමගින් පද්ධතිය හඳුනාගැනීමත්, එහි පවතින ගැටලු හඳුනාගැනීමත්
සිදුකරයි.
2. ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)
මෙතනදී
පද්ධතිය පිහිටුවීම පිළිබඳ යෝග්‍ය පරීක්ෂණයක් සිදුකරයි. එහිදී යෝජිත පද්ධතිය
පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැලපෙනවාද යන්න විචාරාත්මක විමර්ශනයක් ලබාදෙනු
ලබයි.
මූලික විමසා බැලීම (Preliminary
Investigation)
අපි හිතමු යම්කිසි ආයතනයක් අලුත් තොරතුරැ
පද්ධතියක් සැලසුම්කරනවා කියලා. එතකොට දැනට තියෙන පද්ධතිය ගැන හරි, අර විදිහට
සැලසුම්කරන අලුත් පද්ධතිය ගැන හරි, පූර්ව විමසා බැලීමක් කරන්න ඕන. ඒක ගොඩාක්ම අත්‍යවශ්‍යය
දෙයක්. මේ විදිහට දැන් මෙම ආයතනය තුළ ගොඩනගන්න යන අලුත් පද්ධතිය ගැන විධිමත්ව අධ්‍යයන
කටයුතු කරන්න කළින් ඒ පද්ධතිය සංවර්ධනය කිරීමේ අරමුණු සහ හේතූන් මොනවාද කියන එක
ගැන හඳුනාගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදුකරන්න ඕනෙ. අන්න එතනදී මේවාට අදාළ කරැණු ආයතනයක
ඉහළ කළමණාකාරීත්වයට ඉදිරිපත්කර අනුමැතිය ලබාගන්න ඕන.
පවතින පද්ධතියෙ ඇති ගැටලු හඳුනාගැනීම.
පද්ධති සැලසුම්කරැවන් විසින් මුලින්ම
කරන්න ඕන ආයතනයෙ නිරාකරණයකරන්න ඕන ගැටලු හඳුනාගන්න එකයි. ඊටපස්සෙ ඒවාට විසඳුම් හොයාගන්න
අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා ඉදිරිපත්කරන්න ඕන.
විකල්ප විසඳුම් යෝජනා කිරීම.
මෙතෙන්දී, ව්‍යාපෘතියට අලුතින්ම එකතුකරන්න
ඕන කොටස් මොනවද? දැනට තියෙන පද්ධතියෙ සංශෝධනයකරන්න ඕන ස්ථාන මොනවාද? එතකොට නව යෝජනා
ආදී ආයතනයෙ සාර්ථකත්වය සදහා පහසුවෙන් තීරණගන්න පුලුවන් විදිහෙ විකල්ප යෝජනා
ලබාදීමක්ද සිදුකරන්න ඕන.
- යෝජිත නව
ව්‍යාපෘතිය මගින් ආයතනයෙ දියුණුවට ලැබෙන ප්‍රතිලාභ සහ පිරිවැය.
- ආයතනය තුළ
නව පද්ධතිය භාවිතකිරීමට අදහස්කරනු ලබන ක්ෂේත්‍ර සහ ඉන් ලැබිය හැකි ප්‍රයෝජන.
- නව
පද්ධතිය දියුණු කිරීමෙදී මුහුණදීමට සිදුවිය හැකි සීමා හෙවත් දුෂ්කරතා හා ඒවා
මගහරවා ගතහැකි ආකාරය පිළිබද විස්තර.
- යෝජිත නව පද්ධතියට
අවශ්‍ය සම්පත් හා ඒවා ආයතනය තුළ බෙදීයන ආකාරය.
- නව ව්‍යාපෘතියක්
සංවර්ධනය කිරීම සඳහා ගතවන කාල සීමාවන්.
තොරතුරැ පද්ධතිවල අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීම.
මූලික අධ්‍යයන වාර්තාව පදනම් කරගෙන ආයතනයෙ
ඉහළ කළමණාකාරීත්වය සෑහීමකට පත්වුනොත් පද්ධතියක ප්‍රමුඛතාවය ලබාදීලා පද්ධතිය ගොඩනැගීම
සිදුකරන්න පුලුවන් වෙනවා.
ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)
යෝජිත නව පද්ධතිය පිළිබඳ අනුමැතිය ආයතනයෙ
ඉහළ කළමණාකාරීත්වය තුළින් ලබාදුන්නට පස්සෙ ශක්‍යතා අධ්‍යයන කණ්ඩායම විසින් මෙම නව
පද්ධතියෙ යෝග්‍යතාව අධ්‍යයනය කරනු ලබනවා.
ඉතින් මෙන්න මේ විදිහට පද්ධතිය ආයතනයකට
හඳුන්වාදීමේ ගැටලු පිළිබඳව කරනු ලබන විස්තරාත්මක විමර්ශනයක් විදිහට ශක්‍යතා අධ්‍යයනය
හඳුන්වන්න පුලුවන්.
ශක්‍යතා විමසාබැලීමෙ අංශයන්
1.
තාක්ෂණික ශක්‍යතාව (Technical Feasibility)
2.
ආර්ථික ශක්‍යතාව (Economical Feasibility)
3.
මෙහෙයුම් ශක්‍යතාව (Operational Feasibility)
4.
ආයතනික ශක්‍යතාව (Organizational Feasibility)
තාක්ෂණික ශක්‍යතාව (Technical
Feasibility)
පවතින තොරතුරැ
පද්ධතියක් දියුණු කිරීමට හරි අලුත් පද්ධතියක් ප්‍රවර්ධනය කරන්න හරි, ඒ සදහා අදාළ
දෘඪාංග, මෘදුකාංග සහ අනෙකුත් උපාංග ලබාගන්න පුලුවන්දැයි කියලා හොයලා බැලීමක් තමයි මේ තාක්ෂණික ශක්‍යතාවයෙන්
සිදුකරන්නෙ.
ආර්ථික ශක්‍යතාව (Economical
Feasibility)
වැයවන සමස්ත පිරිවැය සහ එහි ප්‍රතිලාභ
පිළිබද විශ්ලේෂණය කිරීමක් මෙමගින් සිදුවේ.
Ø
සමස්ත පිරිවැය -:
1. නිශ්චිත වියදම් - දෘඪාංග, මෘදුකාංග, කළමණාකරණ සේවාවන්
සදහා
2. අවිනිශ්චිත වියදම් - සේවක උනන්දුව දුර්වල වීම.
වැරදීම්
හා වංචාවන් සිදුවීම.
ආයතනයෙ
කීර්ති නාමයට හානි පැමිණවීම.
නිෂ්පාදන
සහ විකිණීම අඩුවීම.
Ø
සමස්ත ප්‍රතිලාභ -:
1. නිශ්චිත ප්‍රතිලාභ - උපකරණ, යන්ත්‍ර සූත්‍ර, පරිපාලන කටයුතු
කළමණාකරණ කාර්ය මණ්ඩලය සදහා
පිරිවැය
අඩුවීම හෝ ඉතිරිවීම.
2. අවිනිශ්චිත ප්‍රතිලාභ - කළමණාකරණ මණ්ඩලයට තීරණ ගැනීම සදහා වඩාත්උචිත
කාර්යක්ෂම හා ඵලදායී තොරතුරැ කාර්යයන්වල ගුණාත්මකභාවය
ඉහළ නැංවීම
සේවාදායකයන්සදහා උසස් සේවාවක් ලබාදීම.
ආයතනයෙ කීර්ති නාමය ඉහළ නැංවීම.
මෙහෙයුම් ශක්‍යතාව (Operational
Feasibility)
මෙහිදී නව පද්ධතිය මෙහෙයුම් සදහා ක්‍රියාකාරීත්වයට
පත්කරන්න පුලුවන්ද යන්න අධ්‍යයනය කරයි.
ආයතනික ශක්‍යතාව (Organizational
Feasibility)
නව පද්ධතිය පිළිබඳ කළමණාකරණ මණ්ඩලයෙ
සහ කාර්ය මණ්ඩලයෙ ආකල්ප සහ චර්යා මොනවාද යන්න අධ්‍යයනය කිරීමක් මෙමගින් සිදුවේ.